2021 ජුනි 12 වන සෙනසුරාදා

ඩොලර් කෝටි 100ක ණයක් 02දාට ගෙවන්න වෙයි

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 07:59 24

I ව්‍යාපාරික වාර්තාකරු

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ලබාගත් ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක (ඩොලර් බිලියන 1ක) ණය මුදලක් ලබන ජූලි මස 02දා නැවත ගෙවීමට නියමිතව තිබේ.

එම ණය මුදල නැවත පියවීම සම්බන්ධයෙන් දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ එම ණය මුදල පියවීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කරමින් සිටින බවය.

මෙම ඩොලර් බිලියනය මේ වසරේ ඉදිරි කාලය තුළ ගෙවීමට ඇති විශාලම ණය මුදලයි. ඉන්පසුව ගෙවීමට ඇත්තේ ඉතා සුළු විදේශ ණය මුදල් බවද හෙතෙම පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ඇඟලුම් ඇතුළු අපනයනවලින් ශ්‍රී ලංකාවට මාසිකව ලැබෙන ආදායමද ඇමෙරිකානු ඩොලර් කෝටි 100ට (බිලියනයකට) ආසන්නය.