ගයාන් ගාල්ලගේ l
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඇඟලුම් කම්හල් තුළින් කොවිඩ් රෝගීන් වාර්තාවන්නට පටන් ගැනීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ බරපතල සෞඛ්‍යමය අවදානමක් හටගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.
ඇතැම් ඇඟලුම් කර්මාන්තශාලා තුළින් 30-40 වශයෙන්ද හමුවන්නට පටන්ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන් එම කර්මාන්තශාලා තුළ වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඉන්පසුව ඇඟලුම් සේවක් සේවිකාවන් ජීවත්වන නවාතැන්වලත් ඉන්පසුව බාහිර සමාජයටත් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ඔහු කීය.
මේ තත්ත්වය නිසා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශ නැවතත් අවදානම් තත්වයට පත්ව ඇති බවත් එම ප්‍රදේශ තුළ වේගයෙන් වෛරසය ව්‍යාප්ත වන උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.