2021 මැයි 08 වන සෙනසුරාදා

ලංකාවේ ආර්ථිකයට කොරෝනා කණකොකා වෙලා

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 20

I ව්‍යාපාරික වාර්තාකරු

පවත්නා කොරෝනා වසංගතය නිසා පසුගිය 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 3.6ක් වූ බව මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි. එසේම අසල්වැසි ඉන්දියාවේ ආර්ථික වර්ධනය ඍණ 9.7 දක්වා අඩාල වී තිබේ.

කොරෝනා මුලින්ම හටගත් චීනයේ පමණක් ආර්ථිකය වර්ධනයක් පෙන්වා ඇත. එසේ වුවත් සමස්ත ලෝකයේම ආර්ථිකය ඍණ 4.6ක් දක්වා කඩා වැටී ඇතැයි මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. අමෙරිකාව, යුරෝපා රටවල්, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු ලොව ප්‍රබල රටවල් රැසකින් බරපතළ ආර්ථික අඩාලවීම් වාර්තා වෙයි.