2021 මැයි 01 වන සෙනසුරාදා

ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව සති තුනෙන්

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 19

I දේශපාලන වාර්තාකරු

ලබන සතියේ මෙරටට ලැබීමට නියමිත ‍ෙසියාවේ නිෂ්පාදිත (ස්පුට්නික්) එන්නත මාත්‍රා වර්ග දෙකකින් සමන්විත බව රජයේ ආරංචිමාර්ග කියයි.

ඒ අනුව මුලින්ම ජනතාවට ලබාදෙන එන්නත එක් විශේෂ මාත්‍රාවකට අයත් වන අතර දෙවැනි මාත්‍රාව (ස්පුට්නික්) එන්නතේම වෙනත් මාත්‍රාවකි. මෙතෙක් මෙරට එන්නත් කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා දෙකටම භාවිත කළ යුතු වූයේ එක් වර්ගයක් නමුත් රුසියානු එන්නත ඊට වඩා වෙනස්කමකින් යුක්තය.

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත ලබාගෙන මාස තුනකින් දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගත යුතුය. එහෙත් රුසියානු (ස්පුට්නික්) එන්නත පළමු මාත්‍රාවෙන් සති තුනකට පසු දෙවැනි මාත්‍රාව ලබාදීම සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මුල් අවස්ථාවේ එන්නත් මාත්‍රා 15,000ක් පමණ මෙරටට ලැබෙන අතර එහි මූලික පරීක්ෂාවන් සාර්ථක වූ පසු ලක්ෂ 5 බැගින් මාසිකව එන්නත් ලැබීමට නියමිතය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00