I දේශපාලන වාර්තාකරු
කොරෝනාවට අවසන් විසඳුම එන්නත්කරණය යැයි කියන ආණ්ඩුවට ඒ පිළිබඳ නිසි සැලසුමක් නොමැතිවීමෙන් එන්නත්කරණ කටයුතු අනාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
විපක්ෂයද වෛද්‍ය අංශද කොපමණ පෙන්වා දුන්නත් රජය නිසි වේලාවට එන්නත් ඇණවුම් නොකිරීම අර්බුදයට හේතුව යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. ඉන්දීය ඇස්ට්‍රාසෙනෙකා එන්නත මුල් අදියරේදී ලක්ෂ නවයකට වැඩි ගණනක් ජනතාවට ලබාදුන් නමුත් එහි දෙවැනි මාත්‍රාව ලබාදීමට රජය සතුව ඇත්තේ එන්නත් තුන් ලක්ෂ පනස් දහසක් පමණ යැයිද ඔහු පෙන්වා දුන්නේය.
මෙය රජයේ නොසැලකිලිමත්කමද, අදූරදර්ශී බවද, එසේත් නැත්නම් මුදල් නැතිකමද කියා රටට කිවයුතු යැයි ලේකම්වරයා සඳහන් කළේය. රුසියානු එන්නත පවා ඇණවුම් කිරීම සිදුකළේ ප්‍රමාදව බවත් ලොව පිළිගත් සෙසු එන්නත් ගැන රජය ගත් ක්‍රියාමාර්ගයක් නැති බවත් ඔහු කීය.