2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

කොළඹ දැඩි අවදානමේ රෝගීන්ගේ සියයට 14ක වැඩිවීමක්

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

ගයාන් ගාල්ලගේ l

කොළඹ නගර සභා සීමාවේ රෝගීන් 4% සිට 18% දක්වා 14%කින් පසුගිය සතියේ වර්ධනය වී ඇති බවත් ඒ හේතුවෙන් එළඹෙන සතියේ සිට කොළඹ නගර සභා සීමාව තුළ නිවාස සංකීර්ණ, ආයතන වල ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කරන බවත් උපුල් රෝහණ මහතා පැවසීය.

එළඹෙන සතිය වනවිට කෝවිඩ් රෝගීන් වාර්තාවීම විශාල ලෙස ඉහළ ගියහොත් සති දෙකක කාලයක් රට වසා දමන ලෙසට තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනා කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

රටපුරා කෝවිඩ් රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් එම රෝගීන් හමුවන්නේ අහඹු ලෙස සිදුකරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ හරහා බවත් ඒ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් එළඹෙන සතිය වනවිට නගර සහ ජනතාව රුස්වෙන ප්‍රධාන ස්ථාන රුසක ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කරන බවද හෙතෙම කීය.

කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගී වාර්තා වීම ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.