ගයාන් ගාල්ලගේ l
ආණ්ඩුව විසින් මැයි දිනය තහනම් කරනු ලැබුවේ කොවිඩ්වලින් ජනතාව ආරක්ෂා කරගන්නට නොව ආණ්ඩුව ඇතුළේ හවුල්කාර පක්ෂවල බෙදීම වසා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දේශයට පැවසීය.
ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර පැවැත්වීමටත්, කිසිදු සෞඛ්‍ය ආරක්ෂාවකින් තොරව ජනතාවට අවුරුදු සැමරීමටත්, උත්සව පැවැත්වීමටත් සියලු ඉඩකඩ ලබාදී හදිසියේම කොවිඩ් අවදානම ගැන ආණ්ඩුවේ ඇස යොමුවීම විහිළුවක් බව ඒ මහතා සඳහන් කළේය.
අගමැතිවරයා කැඳවූ පක්ෂනායක රැස්වීම් ඇතැම් හවුල්කාර පක්ෂ මග හරිමින් ඇති මොහොතක සහ ශ්‍රීලනිපය වෙනම මැයි දිනයකට සූදානම් මොහොතක ආණ්ඩුවේ බෙදීම වසාගැනීමට දැන් හොඳම සළුව කොවිඩ් බව රංගේ බණ්ඩාර මහතා කීය.