2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්ද තීන්දුවට 04දා නායක හමුවක්

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

දේශපාලන වාර්තාකරු l

වසර ගණනක් කල්ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම ලබන මැයි 4දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආණ්ඩුවේ පක්ෂ නායකයන් විසින් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

රජයේ පක්ෂ නායකයන්ට මෙතෙක් නිරාකරණය කරගත නොහැකි වූ මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධ ප්‍රශ්නය මෙන්ම එක් කොට්ඨාසයකට අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කළ හැකිද නොහැකිද යන ප්‍රශ්නය මෙදින නිශ්චිතවම නිරාකරණය කර ගැනීමටද ආණ්ඩුව තීන්දු කර තිබේ.

එදින මේ ගැන අවසන් තීරණය ගතහොත් ඉදිරි සති කිහිපය තුළ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කොට අවශ්‍ය සීමා නිර්ණ කටයුතුද ආරම්භ කිරීමට නියමිතය. රජයේ අරමුණ මෙම වසර හමාරවීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමය.