ආරක්ෂක වාර්තාකරු l
මෙරට රථවාහන අනතුරු සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි ගණනාවක් පැනවීමට පොලීසිය තීන්දු කර තිබේ. එයට හේතුව මහමග සිදුවන අනතුරුවලින් බහුතරය පොලීසියට වාර්තා නොවීමය.
රට පුරා වසරකට සිදුවන රථවාහන අනතුරුවලින් දැනට පොලීසියට වාර්තා වන්නේ 10%ක් පමණක් බව පොලිස් රථවාහන අංශය පවසයි. ඉතිරි 90% වාර්තා නොවීම වාහන අනතුරු සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමට තදින් බලපාන බවද එම අංශය ප්‍රකාශ කරයි.
සාමාන්‍ය වාහන අනතුරක් සිදුවූ විට වැරදිකරු කවුරුන් වුවත් රක්ෂණ සමාගම මගින් වාහනය අලුත්වැඩියා කර ගන්නා ලෙස දන්වා අනතුරට වගකිවයුතු තැනැත්තා ඉන් මගහැර යාම කැපීපෙනෙන ලක්ෂණයක් බවද පොලිස් රථවාහන අංශය ප්‍රකාශ කරයි. එහෙත් එම තත්ත්වය වෙනස් කොට රථවාහන අනතුරකදී වැරදි කරන තැනැත්තාට දඬුවමක් ලබා දිය හැකිවන ලෙස අලුත් නීති රෙගුලාසි පැනවීමට පොලිස් රථවාහන අංශය මේ වන විටත් රජයට යෝජනා කර තිබේ. ඒ අනුව අනතුරට ලක්වන වාහනය රක්ෂණ සමාගම මගින් අලුත්වැඩියා කළද වරද කරන තැනැත්තා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට අදාළ විධිවිධාන ළඟදීම පැනවෙන බව පොලිස් මූලස්ථානය පවසයි.