2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

මුස්ලිම් සංවිධාන 02ක තහනම ඉවත් කරන්නැයි ඉල්ලති

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

දේශපාලන වාර්තාකරු l

වහාබ්වාදය ප්‍රචලිත කිරීම හා ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් තහනමට ලක්කළ මුස්ලිම් සංවිධාන 11න් 2ක තහනම ඉවත් කරන ලෙස පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

හපීස් නසීර් අහමඩ් ෆයිසාල් කාසීම් ඇතුළු මන්ත්‍රීන් 7 දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත් වූහ. දෝෂ සහිත තොරතුරු මත වහාබ්වාදයට හා ත්‍රස්තවාදයට අනුබල දෙතැයි යන චෝදනා එම සංවිධාන දෙකට අදාළ නොවන බවද එම මන්ත්‍රීවරු කීහ. 
මේ ගැන විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා එයට අදාළ විධිමත් සාක්ෂි තිබේ නම් ඒවා පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඉදිරිපත් කරන ලෙස දැන්වීය. ඉන්පසුව කරන විමර්ශනයකින් පසු එම සංවිධානවල තහනම ඉවත්කළ යුතුදැයි තීන්දු කරන වගද අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීන්ට දැනුම් දුන්නේය.