2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

මුරුත්තෙට්ටුවේ හිමි විජයදාස රජය සමඟ ගැටුමක්

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 257

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන විජයදාස රාජපක්ෂ මහතා සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන් විසින් කොළඹ වරාය නගරය සම්බන්ධව කරුණු දැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව නිසා රජය තුළ ප්‍රබල මතගැටුමක් හටගෙන තිබේ.

සිකුරාදා (16) සවස වන විට මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ ආණ්ඩුවේ කණ්ඩායම් එකිනෙකාට විරුද්ධව මත ප්‍රකාශ කිරීම නිසා දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිවිය.

විජයදාස රාජපක්ෂ මහතා එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රයෝජන ගැන කරුණු ඉදිරිපත් කළේය. මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් නැවත නැවත මාධ්‍ය හමු පවත්වමින් තමන්ගේ මතය සනාථ කිරීම සඳහා උත්සාහ කළ අතර ආණ්ඩුවේ මුල්පෙළ මැති ඇමැතිවරුන් පිරිසක්ද ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙනම මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රමුඛ මැතිඇමැති පිරිසක් ඊට එක්වූහ.