අධිකරණ වාර්තාකරු l
වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් 23 හෙට දින සිට (19දා) විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඒ සඳහා විශේෂ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
එ.ජා.පය, ජ.වි.පෙ, සමගි ජන බලවේගය යන ප්‍රධාන පක්ෂත් තවත් වෘත්තීය සංවිධාන හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක්ද මේ සඳහා නඩු ගොනුකර තිබේ. මෙම පෙත්සම් මගින් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය සම්මත කරන්නේ නම් මැතිසබයේ 2/3ක බහුතර බලයකින් හා ජනමත විමසුමකින් අනුමත විය යුතු යැයි නියෝග කරන ලෙසය. දින 21ක් තුල මෙම පෙත්සම් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.