2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

ව්‍යවස්ථා කමිටු කාලය ඉවරයි: වාර්තාවක් නෑ

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

I දේශපාලන වාර්තාකරු

වත්මන් රජය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ කාලය පසුගිය මාර්තු 31 දායින් අවසන් වුවද ව්‍යවස්ථා කෙටුම්පත් ඔවුන් මෙතෙක් රජයට බාරනොදීම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම විශේෂඥ කමිටුව පත්කරන ලද්දේ මාස 6ක කාලයක් තුළ එම කමිටුව විසින් සකස් කරනු ලබන නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත (ධවල පත්‍රිකාව) රජයට බාරදෙන ලෙස නියම කරමිනි. ජනාධිපතිවරයා විසින් එම කමිටුවට ලබාදුන්  කාලය පසුගිය 31දා ඉක්ම ගියේය. එහෙත් ව්‍යවස්ථා කෙටුම්පත් බාරදී නැති අතර කමිටුවේ කාලය දීර්ඝ කිරීමක් පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත්ව නැත.

පසුගිය මාස 6ක කාලය පුරා විවිධ දේශපාලන පක්ෂවලින් හා සමාජ සංවිධාන රැසකින් නව ව්‍යවස්ථාව සඳහා මෙම කමිටුව විසින් යෝජනා බාරගනු ලැබීය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥයන් හා ව්‍යවස්ථා විශාරදයන් ගණනාවක් කමිටුවට අයත් වූහ.