2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

බොදු මහ සමුළු සභාපති ධූරයට සිව්කොන් සටනක්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 338

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණය සති අන්තයේ (සෙනසුරාදා) පැවැත්වීමට නියමිතය මෙවර සභාපති තනතුර සඳහා සිව්දෙනකු ඉදිරිපත් වී ඇති අතර ඉන් දෙදෙනකු හිටපු උප සභාපති සහ නියෝජ්‍ය සභාපති බව සඳහන් වේ.

ඒ අනුව මෙවර නිලවරණය  සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයකු වන බෞද්ධ මහා සම්මේලනයේ හිටපු නියෝජ්‍ය සභාපති චන්ද්‍රා වාකිෂ්ට, රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු රැසක් දැරූ ප්‍රකට විද්වතෙකු වූ සහ බෞද්ධ මහා සම්මේලනයේ ජාත්‍යන්තර අංශයේ සභාපති මෙන්ම සම්මේලනයේ උප සභාපති වූ මහාචාර්ය ලක්ෂ්මන් වටවල, විශේෂඥ වෛද්‍යවරයකු වන අශෝක කමලදාස සහ තිවංක අර්නස්ට් ප්‍රනාන්දු යන අය ඉදිරිපත්ව සිටිති.

කෙසේ වෙතත් මෙවර හිටපු සභාපති ජගත් සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.