| දේශපාලන වාර්තාකරු
වත්මන් රජය රටට විස පොල්තෙල් ආනයනය කිරීමට සහ එම විස සහිත තෙල් කන්ටේනර් 13 නිදහස් කිරීමට සහාය දුන් දූෂිත නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගත යුතු යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
මෙම වස විස සහිත පොල්තෙල් තොගය නිදහස් කිරීමට සහතික දුන් තැනැත්තන් කවුද යන්න රජය හොඳින්ම දන්නා බැවින් වහා ඔවුන් ගැන පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමයි.
සිංහල අවුරුදු සමය ආසන්නයේ ජනතාව වැඩිපුර පොල්තෙල් පරිභෝජනයට ගන්නා නිසා මෙම විස සහිත පොල්තෙල් තොග වෙළෙඳපොළට මුදානොහැර ඒවා ආනයනය කළ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයිද මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.
ඒ අතර සමගි ජන බලවේගයේ පසුපෙළ මන්ත්‍රීන් දේශයට සඳහන් කළේ මේ ගැන ඉදිරියේදී තමන්ද නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.