2021 මාර්තු 27 වන සෙනසුරාදා

ජිනීවා යෝජනාව ලංකාව පිළිගන්නෙ නෑ - විදේශ ලේකම්

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

I දේශපාලන වාර්තාකරු

ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනාව ශ්‍රී ලංකා රජය කිසිසේත්ම නොපිළිගන්නා බව විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට පැවසීය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලනයට හා ව්‍යවස්ථාවට අදාළ කාරණා ගැනද එමගින් නොයෙක් අදහස් ඉදිරිපත් කර තිබේ. ඒ සියල්ල රජය ප්‍රතික්ෂේප කරන නමුත් සාමය හා සංහිඳියාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවද විදේශ ලේකම්වරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා රජය සතු විදේශ ප්‍රතිපත්තියක් තිබේ. එහි නිල වශයෙන් රජය කළයුතු දේ සහ රජයට කළ හැකි දේ නිශ්චිතව සඳහන්ව ඇත. එම නිසා අදාළ විදේශ ප්‍රතිපත්තියට අනුකූලව සාමය හා සංහිඳියාව තහවුරු කිරීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින බවද ඔහු පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00