2021 මාර්තු 20 වන සෙනසුරාදා

රටවල් 04කින් සහල් මිල කැඳවයි

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 195

I ව්‍යාපාරික වාර්තාකරු

සහල් මාෆියාවේ වෙළෙඳුන් සිංහල අලුත් අවුරුදු සමයේ සහල් මිල ගණන් අධික ලෙස ඉහළ නැංවිම පාලනය සඳහා පිටරටින් සහල් ආනයනය සඳහා රටවල් 4කින් මිල ගණන් ඉල්ලා ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට කීය.

ඒ අනුව ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය සහ බුරුමය යන රටවල තානාපති කාර්යාලවලට අනුබද්ධ වෙළෙඳ කොමසාරිස්වරුන්ගෙන් මෙම මිල කැඳවීම සිදුකර තිබේ. මේ හැර දේශීය සහල් සැපයුම්කරුවන් අතරද රජයේ ආරක්ෂිත සහල් තොගය සඳහා සහල් සැපයුමට කැමති සැපයුම්කරුවන් වෙත්නම් ඔවුන්ගෙන්ද මිල ගණන් කැඳවා ඇත.

අධික සහල් මිල පාලනයට මෙලෙස සහල් ආනයනය කොට කිලෝවක් රුපියල් 95/=කට නොවැඩි ගණනකට අලෙවි කළ හැකි වෙතැයි අමාත්‍ය ගුණවර්ධන මහතා විශ්වාසය පළ කළේය. ඉහළ යන සහල් මිල පාලනයට සහල් ආනයනය කිරීම අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් බැවින් මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ආරක්ෂක සහල් තොගයක් පවත්වාගෙන යාමට සැලසුම්කර ඇතැයිද හෙතෙම පැවසීය.