ආරක්ෂක වාර්තාකරු I
පාස්කු කොමිසමේ වාර්තාව පදනම් කරගෙන විධිමත් පොලිස් පරීක්ෂණයක් සිදුකර එකී වාර්තාව මසක කාලයක් තුළ පොලිස්පතිවරයාට සපයන ලෙස නියම කරමින් පසුගියදා විශේෂ පොලිස් පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය.
එහි ප්‍රධානියා වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි රණසිංහ මහතාය.
පොලීසියේ ජ්‍යෙෂ්ඨ විමර්ශකයින් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කණ්ඩායමකින් සමන්විත පරීක්ෂණ කමිටුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහිදී පාස්කු කොමිසමේ වාර්තාවෙන් හෙළිවුණු තොරතුරු මෙන්ම පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වුණ කරුණුද පදනම් කරගෙන අදාළ පරීක්ෂණය සිදුකරන බව සඳහන් වේ.
චූදිතයන්ට නඩු පැවරීම සඳහා අවසන් පරීක්ෂණ වාර්තාව බවට මෙම පරීක්ෂණ වාර්තාව යොදාගැනීමටද පොලීසිය තීරණය කර තිබේ.