2021 මාර්තු 20 වන සෙනසුරාදා

සජබයෙන් දූෂණ මර්දන බළකායක්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවේ දුෂණ වංචා සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කර නීතිමය කටයුතු කිරීම සඳහා දූෂණ මර්දන කණ්ඩායමක් පත්කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එම කණ්ඩායම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් පිහිටුවීමට තීරණය කළ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

මෙම කණ්ඩායමට වෘත්තීය සමිති කණ්ඩායමද සහභාගි කර ගැනීමට නියමිත අතර අදාළ දූෂණ වංචා පිළිබඳ හෙළිදරව් කිරීම් සතිපතා කිරීමටද නියමිතව ඇතැයි හෙතෙම සඳහන් කළේය.