2021 මාර්තු 20 වන සෙනසුරාදා

බටහිර ජැටියේ නිල ප්‍රකාශය ඉන්දියාවට

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 20

I ව්‍යාපාරික වාර්තාකරු

කොළඹ වරාය සඳහා බටහිර නව ජැටියක් ඉදිකිරීමට අදාළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය (LOI) මේ වනවිට ඉන්දියාවට නිල වශයෙන් යවා තිබේ. ජැටිය ඉදිකොට වසර 35කින් නැවතත් එය ශ්‍රී ලංකාවට හිමිවන (BOT) ක්‍රමයට නව ජැටිය ඉදිකෙරේ.

ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට කොටස් හිමි සංවර්ධන ව්‍යාපෘතියක් වන මේ සඳහා වන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 680කි. එම මුළු මුදලම දරන්නේ අදානි සමාගම හා ජෝන් කීල්ස් ආයතනයයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අභිලාෂය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාස 6ක කාලයක් තුළ විධිමත් ගිවිසුමක් අත්සන් කළයුතු අතර අනතුරුව ව්‍යාපාතිය ආරම්භ කෙරේ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00