2021 මාර්තු 20 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය මේ වසරේ

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

I දේශපාලන වාර්තාකරු

මේ වනවිට වසර හතරකට ආසන්න කාලයක් කල්දමා ඇති පළාත් සභා ඡන්දය මේ වසරේ පැවැත්වීමට ආණ්ඩුවේ පක්ෂ නායකයන් තීන්දු කර තිබේ.

පසුගිය බදාදා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුවේ පක්ෂනායක හමුවේදී මෙම තීන්දුව නිල වශයෙන් ගෙන තිබේ.

එම ඡන්දය පවත්වන්නේ පැරණි මනාප ක්‍රමයටද නව මිශ්‍ර ඡන්ද ක්‍රමයටද යන්න ගැන පක්ෂ නායකයන් විවිධ මත පළකර තිබිණි. කෙසේ වෙතත් ඡන්දය පැවැත්වීමට නම් පළාත් සභා ඡන්ද පනත සංශෝධනය කළයුතු බැවින් ඊට අදාළ තීරණ ගැනීමට ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීන්දු විය. එය ඉදිරි අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. ඊට පෙර පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට සුදුසු ඡන්ද ක්‍රමය ගැන මූලික වාර්තාවක් සකසන ලෙසද උපදෙස් දුනි.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතන සංවාදයක යෙදුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද පළාත් සභා ඡන්දය කල්යාම හා 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කරැණු විමසා තිබිණි.