2021 මාර්තු 20 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් කොළ එළියක්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු

ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ඉන්දීය රජයේ නියෝජිතයා කරන ප්‍රකාශයේදී ශ්‍රී ලංකාවට කිසියම් සහායක් ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වෙයි.

ඉන්දියාව මුලසිටම ප්‍රකාශ කර තිබුණේ කිසියම් රටක් ඉලක්ක කරගෙන මානව හිමිකම් සමුළුව යෝජනා සම්මත කිරීම ගැන එකඟ නොවන බවය. ආසියානු කලාපයේ සෙසු සාමාජික රටවල් වන නේපාලය සහ බංග්ලාදේශයද එම ප්‍රතිපත්තියම අනුමත කර ඇත.

කෙසේ වෙතත් මානව හිමිකම් සමුළුවේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස රජය ඉන්දියාවෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ. එහිදී ඉන්දීය රජයේ පිළිතුර වී ඇත්තේ ශ්‍රී ලංකාවට තම රටෙන් අසාධාරණයක් සිදු නොවන බවයි. එසේ වුවද ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා ඡන්ද විමසුවේදී එම සැසියට සහභාගී නොවීමට ගත් තීරණය මෙම සටහන ලියන මොහොත වනතෙක් වෙනස් කළ බවක් ප්‍රකාශ වී නැත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00