2021 මාර්තු 20 වන සෙනසුරාදා

මැති ඇමැති කතාවලින් ජිනීවා වැඩේ අවුලක - ජිනීවා නිත්‍ය නියෝජිත

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 428

I දේශපාලන වාර්තාකරු

රජයේ ඇතැම් මැති ඇමැතිවරුන් දුරදිග නොබලා කරන ප්‍රකාශවලින් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට සහය පළකරන සමහර රටවල සහය නොලැබී යා හැකි බව එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා රජයට පැමිණිලි කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති චන්ද්‍රප්‍රේම මහතා මේ මොහොතේ බුර්කාව හා නිකාබය වැනි ඇඳුම් පැළඳුම් තහනම් කිරීමට යාමේ තීරණය ගැන විශේෂයෙන් සඳහන් කර ඇත. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහාය දෙන රටවල්වලින් හරි අඩක්ම මුස්ලිම් රටවල් වන බැවින් මේ ගැන සැලකිලිමත් වන ලෙසද ඔහු රජයට දැනුම් දී තිබිණි. 

කෙසේ හෝ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය සතියේ බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අත්සන් කළ බව කීවද එවැනි කැබිනට් පත්‍රිකාවක් මෙතෙක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නැත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00