2021 මාර්තු 13 වන සෙනසුරාදා

ජනපති අගරදගුරු සාකච්ඡාව නවතී

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 452

I දේශපාලන වාර්තාකරු

පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පසුගිය බදාදා (10දා) සවස අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් හමුවී ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත වූ සාකච්ඡාව අවසන් මොහොතේ අවලංගු කර දැමිණි.

මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ අගරදගුරු මැඳුරේය. එහෙත් අගරදගුරු හමුව සිදුවන අවස්ථාවේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් කටුවාපිටියේ වින්දිතයන් පිරිසක් එතැනට කැඳවීමට යම් පිරිසක් කල්තබා සැලසුම්කර තිබිණි.

එම නිසා අගරදගුරුතුමා සමඟ සාකච්ඡාව එහිදී පැවැත්වීමට ජනපති කාර්යාලය අකැමැත්ත පළකොට අගරදගුරුතුමාට ජනාධිපති කාර්යාලයට ආරාධනා කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි. එහෙත් අගරදගුරු මැඳුරෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා සාකච්ඡාව අවලංගු කර දැමීය.

ඉදිරියේදී මෙම සාකච්ඡාව නැවත සිදුවිය හැකිදැයි දේශය ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකුගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මේ ගැන කිසිවක් කිව නොහැකි බවය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00