2021 මාර්තු 13 වන සෙනසුරාදා

ආණ්ඩුව අනාගෙන විපක්ෂයට ගහනවා - රන්ජිත් මද්දුම බණ්ඩාර

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුව දේශපාලන වශයෙන් අසාර්ථක වනවිට විපක්ෂය මර්දනය කිරීම ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මන්ත්‍රීවරුන් කරන දේශපාලන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම තුළින් රජය මර්දනය මුදාහැර ඇතැයිද ඔහු සඳහන් කළේය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට නිවාඩු ලබාදෙන ලෙස කළ ඉල්ලීමද කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම යුක්තිසහගත නැතැයි කී මද්දුමබණ්ඩාර මහතා රජය ජනතාව හමුවේ අප්‍රසාදයට පත්වන විට මෙලෙස විපක්ෂය මර්දනයට තැත් කිරීම ගැන දැඩි විරෝධය පළ කරන්නේ යැයි කීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00