I ව්‍යාපාරික වාර්තාකරු
කොරෝනා වසංගතය ආරම්භ වූ 2020 වසර් පළමු කාර්තුව තුළ ඍණ 1.6%ක් දක්වා පහත වැටුණු මෙරට ආර්ථිකය 2021 වසරේදී 3.5%ක හොඳ වර්ධනයක් පෙන්වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් කබ්රාල් මහතා දේශයට පැවසීය.
එසේම පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී ඍණ 16.7%ක ආර්ථික පහත වැටීමක් සිදුවිය. මේ වසරේ පවත්නා තත්ත්වය අනුව දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය පළමු කාර්තුවට වඩා සෑහෙන ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය කබ්රාල් කීය. ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු සංචාරක ව්‍යාපාරයේ සුළු වර්ධනයක් පෙන්වා ඇති අතර අපනයන ඉපැයීම් සහ විදේශ රැකියා ආදායමද ඉහළ යමින් ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.