2021 මාර්තු 13 වන සෙනසුරාදා

රුසියානු එන්නත තව සති 2කින්

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 15

I දේශපාලන වාර්තාකරු

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත කොරෝනා රෝගීන්ට ලබාදීම සඳහා තවත් දෙසතියකින් ශ්‍රී ලංකාවට ලැබෙන බව රජයේ එන්නත්කරණ කමිටුවේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දේශයට පැවසීය.

දැනට ලැබී තිබෙන තොරතුරු අනුව එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් පමණ මෙරටට ලැබෙනු ඇති අතර එයින් කොටසක් පරිත්‍යාගයකි.

ඒ හැර ඉදිරි දෙසතිය තුළ ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක්ද ලැබීමට නියමිත බව පැවසූ වීරතුංග මහතා මෙරටට එන්නත් ලබාගැනීමට නොහැකි බවට කෙරෙන සියලු ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00