I සුගත් පී. කුලතුංගආරච්චි
බ්‍රසීලය තුළ දැනට දැඩි ලෙස පැතිර යන වඩාත් හානිකර මාදිලියකට අයත් නව කොවිඩ් වෛරසය මෙතෙක් ලංකාව තුළින් වාර්තා වී නැති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිටත් සිදු කරමින් පවතින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර අප හා පැවසීය.
මේ පිළිබඳ නවතම වාර්තාව සෙනසුරාදා දිනයේදී පමණ ලැබීමට නියමිත බව ඔහු කීවේය.
බ්‍රසීලයේ මේ වනවිට මැඬ පැවැත්වීමට අසීරු මාරාන්තික දෙවැනි රැල්ලකට හේතුවී ඇති P.1 නමැති නව වෛරස මාදිලිය කලින් පැවති වෛරසයට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් පැතිරයාමේ හැකියාවෙන් යුතු බව වාර්තාවේ. ඒ හේතුවෙන් ඒ රට සිදුවන දෛනික මරණ සංඛ්‍යාව මේ වනවිට 2000ත් පැන හමාරය. මේ වනවිට දෛනිකව වාර්තාගත වන ඉහළ මරණ සංඛ්‍යාව අතින් ඒ රට තමන්ම තැබූ වාර්තාව මේ මාසය තුළදී තුන්වරක්ම බිඳ දැමීමට සමත්ව තිබේ. ඒ රට ප්‍රාන්ත 26න් 22කම දැඩිසත්කාර ඒකක මරණාසන්න වූවන්ගෙන් පිරී උතුරා ගොසිනි. වසංගතය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ගොස් හමාරය. මේ වනවිට සමස්ත කොවිඩ් මරණ 2,70,000+ ත් පන්නා ඇති එය ලොව කොවිඩ් මරණ වැඩියෙන්ම වාර්තා වන දෙවැනි රටය.
මේ වනවිට අමෙරිකාව, එංගලන්තය සහ වෙනිසුයෙලා වැනි රටවලටද මේ නව බ්‍රසීල වෛරසය පැතිරගොස් හමාරය.