දේශපාලන වාර්තාකරු I
ජිනීවා මානව හිමිකම් කොමිසමට බටහිර රටවල් හතක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවේ ප්‍රධාන කරුණු 2කට රජය දැඩි විරෝධය පළකර තිබේ.
එම යෝජනාවේ අංක හය සහ හත ලෙස මෙම නිර්දේශ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් බැවින් මේ රට ගැන ජාත්‍යන්තර අධිකරණ විමර්ශනයක් පැවැත්විය යුතුය යන්න ඉන් පළමු යෝජනාවය. මානව හිමිකම් කොමසාරිස්වරියගේ හැකියාව බලගැන්වීමට මෙම අධිකරණය උපයෝගී කර ගන්නා බවද සඳහන්ය.
දෙවැනි යෝජනාව වන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් අතින් අවදානමට පත්ව තිබෙන රටක් බවට කර ඇති ප්‍රකාශයයි. රට තුළ බියගැන්වීම්, අත්තනෝමතික රඳවා ගැනීම්, වද බන්ධන, ක_ර ක්‍රියා, අමානුෂික දඬුවම්, ලිංගික අපරාධ ආදිය වර්ධනයට රජය වගකිවයුතුය යන්නද එහි සඳහන්ය. රජය මෙම යෝජනාවද තරයේම ප්‍රතික්ෂේප කරමින් ජිනීවා කොමිසමට කරුණු දක්වා තිබේ. රටේ නීතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ලබාදුන් 2/3 ජනවරමට අනුගතව කටයුතු කරන බවත් රජය ප්‍රකාශ කර තිබේ.
මෙම යෝජනා ශ්‍රී ලංකාව කිසිසේත්ම නොපිළිගන්නා අතර වහා ඒවා සංශෝධනය කළයුතු බවද දන්වා ඇත.
ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කැනඩාව, ජර්මනිය, මලාවි රාජ්‍යය, උතුරු මැසිඩෝනියාව, මහා බ්‍රිතාන්‍යය, මොන්ටිනිග්‍රෝ සහ උතුරු අයර්ලන්තය යන කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන රටවල්ය. මෙම රටවල් ගෙන ආ යෝජනාව ගැන ලබන 10දා ඡන්දය විමසීම සිදුකෙරෙනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියයි.