2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

කටුනායක පී.සී.ආර්. ලැබ් එක වැඩ නෑ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 26

 කටුනායක ටී.කේ.ජී. කපිල

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කර ඇති පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය මේ වනවිට යම් අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම වෛද්‍ය රසායනාගාරය ශ්‍රී ලංකාව තුළ පිහිටි වැඩිම ධාරිතාවයක් ඇති, ඉතා වේගවත්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වාර්තා නිකුත් කරන රසායනාගාරයයි. රසායනාගාරයට දිනකට පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා 4,500ක් පමණ පැය එකහමාරක කාලයක් ඇතුළත නිකුත් කිරීමට හැකියාව පවතී. ඒ සඳහා නවීනතම පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර 05 ක් මෙම වෛද්‍ය රසායනාගාරය තුළ ස්ථාපිත කර තිබේ.

එහෙත් මෙම වසරේ 01/21 දින දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමඟ, විදේශ රටවල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීම අත්හිටුවා තිබේ.

එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් මගින් පැමිණෙන සියලුම ගුවන් මගීන්, සංචාරක හෝටල් හෝ නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන අතර, එහිදී පෞද්ගලික රෝහල් කීපයක් විසින් එම ගුවන් මගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීම සිදු කෙරේ.

මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් 04ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලියාපදිංචි කර ගෙන ඇතැයි වාර්තාවෙයි.

එමෙන්ම ලෝකයේ නවීනතම, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කොවිඩ් පරීක්ෂණ යන්ත්‍රයක් පරිත්‍යාගයක් ලෙස මෙම කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය රසායනාගාරය වෙත ලැබී තිබුණද, එම යන්ත්‍රය මේ වනතුරුත් රසායනාගාරය තුළ ස්ථාපිත කිරීම සිදුකර නොමැත. 

තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ පිට පළාත්වලින් එක්රුස් කරගත් පී.සී.ආර්. නිදර්ශක සෙම පටල පරීක්ෂා කිරීම පමණක් දැනට කටුනායක ගුවන් තොටුපළ රසායනාගාරය තුළදී සිදුකෙරේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00