2021 ජනවාරි 16 වන සෙනසුරාදා

පක්ෂයේ තීන්දුව රනිල් - එජාප මහ ලේකම්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

I ගයාන් ගාල්ලගේ

නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අවබෝධයක් ඇති එකම පුද්ගලයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඔහුව පත්කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එය කෘත්‍යාධිකාරී මණ්ඩලය පවා ඒකමතිකව සම්මත කළ බව හෙතෙම සඳහන් කළේය. එහෙත් තවම රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා කැමැත්ත පළකර නැති බවද ඔහු පැවසීය.

පසුගියදා ඇති වූ සිද්ධියේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ භාෂණය අයිතිය වෙනුවෙන් විපක්ෂයේ කාර්යය එතරම් සාර්ථක නොවූ බවත් එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියා නම් ඒ සඳහා විශාල සටනක් කරන බවත් ඔහු වැඩිදුරටත් කීහ.