I හසිත් අංජන
රටේ සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි 43 වැනි සේනාංකය නමින් මෙරට නව සමාජ ව්‍යාපාරයක් අද (17) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කරන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට කීය.
අද පෙරවරු 9.30ට මෙම සමාජ ව්‍යාපාරය එළි දැක්වීමට නියමිතය.
විවිධ ක්ෂේත්‍රවල කුසලතාවයෙන් ඉදිරියට පැමිණුන දක්ෂයන්ගෙන් පදනම් වූ බලවේගයක් ගොඩනැගීම මෙහි අරමුණ බවද මන්ත්‍රීවරයා පැවසීය. තමන්ගේ අරමුණ නිදහස් අධ්‍යාපනයෙන් පසුව බිහිවූ පිරිස මේ සඳහා ඒකරාශි කිරීම බවද චම්පික රණවක මහතා වැඩිදුරටත් කීය.