2021 ජනවාරි 09 වන සෙනසුරාදා

මේ ආණ්ඩුවත් රටේ සම්පත් විකුණනවා - ජ.වි.පෙ

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

 හසිත් අංජන

වත්මන් ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට ගත් උත්සහය තවමත් නතර නොකර එය දිගටම සිදුකරගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කීය.

යහපාලන රජයේ ප්‍රතිපත්ති වෙනස් කරනා බවට ජනතාවට පොරොන්දු දී වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද ඔවුන් ක්‍රියාකරන්නේද පසුගිය යහපාලන රජයේ ප්‍රතිපත්ති බවද ජනතාවගේ මතයට රජය කිසිවිටෙකත් ඇහුම්කන් නොදෙන බවද හෙතෙම පැවසීය.

මැතිවරණ සමයේ වත්මන් රජයේ බොහෝ දෙනා දේශප්‍රේමීත්වය සහ රටේ ජාතික ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳව පැවසුවද මේ වනවිටත් රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් රටේ සම්පත් එකිනෙක විකුණා දමමින් සිටින බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.