I දේශපාලන වාර්තාකරු
දෙවරක් අයවැය පරාජය වීම නිසා දෙමළ ජාතික සන්ධානයට යාපන නගරාධිපති ධුරය අහිමිවීමත් සමඟ එම පක්ෂය තුළ බල අරගලයක් හටගෙන තිබේ.
අප වෙත උතුරෙන් ලැබෙන වාර්තා අනුව දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායම් දෙකක් එකිනෙකාට චෝදනා සහ ප්‍රති චෝදනා කරමින් නගරාධිපති පුටුව අහිමි කිරීමේ වරද පටවන්නට තැත් කරති.
පක්ෂනායක ආර්. සම්පන්දන් හා මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් එක් කණ්ඩායමක් නියෝජනය කරති. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කරු වන තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිස අනෙක් කණ්ඩායම නියෝජනය කරයි. පක්ෂනායක සම්පන්දන් මහතාගේ කණ්ඩායමේ ප්‍රබලයකු වන එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපන නගරාධිපති ධුරය පක්ෂයට අහිමි කිරීමේ වගකීම මාවෙයි සේනාධිරාජා මහතාට පවරමින් චෝදනාත්මක ලිපියක් එවා තිබේ. එයට පිළිතුරු ලෙස සේනාධිරාජා මහතාද සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැඩි පිළිතුරක් යැවීමට සූදානමින් සිටින බව උතුරේ නවතම වාර්තා කියයි.