I ආරක්ෂක වාර්තාකරු
නැගෙනහිර පළාතෙන් අලුතෙන් බිහිව ඇති “සුපර් මුස්ලිම්” නම් සංවිධානයක් ගැන පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සංවිධානය මුස්ලිම්වරුනට අමුතු දහමක් දේශනා කරන තැනැත්තන් කිහිප දෙනකුගෙන් සමන්විත බව දැනගන්නට ඇත. කොළඹ ප්‍රදේශයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයකු එහි නායකයා ලෙස හඳුනාගෙන තිබේ.
“සුපර් මුස්ලිම්” නම් එම සංවිධානය නැඟෙනහිර කල්මුණේ ආශ්‍රිත ප්‍රදේශවල යම් මට්ටමකින් ක්‍රියාත්මකය. ඔවුන් දේශනා කරන ධර්මය අනුව දරුවන් පාසල් නොයා යුතු බවත් ලෙඩරෝගවලට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට වෙනත් විකල්ප අනුගමනය කරන ලෙසත් පවසන බව සඳහන් වෙයි.
මේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධතාවක් ඇතැයි මෙතෙක් තහවුරැව නැතත් ආරක්ෂක අංශත් රාජ්‍ය බුද්ධි අංශත් ඒ ගැන පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බව වාර්තා වෙයි.