I හසිත් අංජන
වසර අවසානයේ පැවැත්වෙන උත්සව ප්‍රිය සම්භාෂණ අවම කරන ලෙසත් ඒවා පවත්වන්නේ නම් නිරෝධායන නීති අනුගමනය කළ යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති කඩකරමින් ප්‍රිය සම්භාෂණ හා සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බවයි.
බස්නාහිර පළාත තුළ කොවිඩ් අවදානම සීමාවෙන් එහා පැන ඇති බව දැන දැනත් ජනතාව කඩසාප්පුවලට එක්වී සිටින නිසාත්, ඉන්පසුව උත්සව සමයේ වෙනත් දිස්ත්‍රික්ක හරහා සංචාරය කිරීම සිදුවිය හැකි නිසාත් විශේෂයෙන් බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.