2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ජනවාරියේදී රුපියල නගීවි - මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල්

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 155

I ව්‍යාපාරික වාර්තාකරු

ලබන ජනවාරි දෙවැනි සතිය පමණ වනවිට දැනට බාල්දු වී ඇති රුපියලේ වටිනාකම වර්ධනය වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට කීය.

රුපියල අවප්‍රමාණය වී ඩොලරය හදිසියේම අධි ප්‍රමාණය වීමට බලපෑ ප්‍රධාන හේතුව දින 180කට කල්දමා තිබූ විදේශීය ගෙවීම් කෙටි කාලයක් තුළ සිදුකිරීම බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

පැරණි කල්දැමූ ණය විනිමය බවට පරිවර්තනය වී ගෙවීම් හමාර වූ පසු නැවතත් ඩොලරයේ වටිනාකම රුපියල් 185/- හෝ 186/- මට්ටමට පත්වනු ඇති බව තමන්ගේ විශ්වාසය යැයිද කබ්රාල් මහතා අවධාරණය කළේය.

දැනට රජය ආනයන සීමාකර ඇති අතර මෙරටට ගෙන්වන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණි. එම නිසා විනිමය තත්ත්වය සතුටුදායක ලෙස පාලනය කරගත හැකි යැයිද ඔහු කීය.