I දේශපාලන වාර්තාකරු
කොවිඩ් රෝගයෙන් මරණයට පත්වන මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකිද ආදාහනය කළ හැකිද යන්න ගැන අවසන් තීන්දුව ගැනීම සඳහා මෙරට සිටින ප්‍රධානතම වෛරස විශේෂඥයන් 30 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ.
මෙම කමිටුව පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදුන් උපදෙස් අනුවය.
පවත්නා සියලු සෞඛ්‍යමය හේතු සලකා බලා එහි අවසන් තීන්දුව කඩිනමින් රජයට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා ඇත.
කොවිඩ් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කළයුතුද ආදාහනය කළ යුතුද යන කරුණ ගැන සමාජයේ බරපතළ විවාදයක් හටගෙන තිබේ. මෙරට වෛරස විශේෂඥයන්ද මේ ගැන පක්ෂ විපක්ෂ මත පළකර ඇත. ඇතැම් වෛරස විශේෂඥයන් පවසන්නේ මෙම මෘතදේහ භූමදාන කළ හැකි බවය. තවත් වෛරස විශේෂඥයන් පිරිසක් කියා ඇත්තේ එය කිසිසේත්ම නොකළ යුතු කාර්යයක් බවයි. එම මතගැටුම ගැන රජයේ කොවිඩ් පාලන කාර්යසාධන බලකායටද වාර්තා වී තිබිණි. එබැවින් මෙරට සිටින ප්‍රධානම වෛරස විශේෂඥයන් 30 දෙනකුගෙන් යුත් කමිටුවක් මගින් අවසන් තීන්දුව ගැනිමට තීරණය විය.
ජනාධිපතිවරයා අදාළ කමිටුවට කියා ඇත්තේ මෙම ප්‍රශ්නය ගැන ගතයුත්තේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍යමය තීන්දුවක් බවය.