2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

චම්පික - රාජිත - වෙල්ගම සජිත් පිලට - රන්ජිත් මද්දුමබණ්ඩාර

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 484

දේශපාලන වාර්තාකරු l

පසුගියදා ජාතික හෙළඋරුමය පක්ෂයෙන් ඉවත්වූ හිටපු ඇමැති චම්පික රණවක, හිටපු ඇමැති කුමාර් වෙල්ගම සහ හිටපු ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරු අද හෙටම සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත බව එහි මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම හිටපු ඇමැතිවරුන් තිදෙනාම මෙතෙක් වෙනත් පක්ෂ නියෝජනය කරමින් සමගි ජනබලවේගය සමඟ සන්ධානගතව සිටි අයයි.

ඒ සමඟ සති අන්තයේ බණ්ඩාරවෙලදී රැස්වන සමගි ජනබලවේගයේ සමස්ථ ලංකා කාරක සභාව පක්ෂයේ ව්‍යවස්ථාව අනුමත කර ගැනීමට නියමිත බවද මහ ලේකම් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.