2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

රතන හිමි යළි මැතිසබයට

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

දේශපාලන වාර්තාකරුl

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා අතුරලියේ රතන හිමියෝ මැතිවරණ කොමිසම විසින් පත්කරනු ලැබ සිටිති.

පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 67758ක් ලබාගත් අතර එහිදී එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයක් හිමිවිය.
එහෙත් එම මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂය තුළ විශාල ගැටලු රැසක් ඇති විය. අවසානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේත්, අතුරලියේ රතන හිමියන්ගේත් නම යෝජනා විය. ඒ අනුව පසුගිය සිකුරාදා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට රතන හිමියන්ගේ නම යවනු ලැබීය.