2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

සේවා අංශ කඩා වැටෙද්දී අයි.ටී.- විදුලිසංදේශ නගී

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

I ව්‍යාපාරික වාර්තාකරු

මේ වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය (නවාතැන් හා ආහාරපාන සැපයුම් අංශය) 63.5%කින් කඩා වැටී ඇත.

එහෙත් එම කාලය තුළ මෙරට දුරකතන විදුලි සන්දේශ සේවා කටයුතු 19.6%කින් වර්ධනය වී තිබේ. එසේම තොරතුරු තාක්ෂණ අංශයද 15.1%කින් වර්ධනයක් පෙන්වා ඇත. මූල්‍ය සේවා අංශයද මෙම අර්බුද මධ්‍යයේ 9.9%ක වර්ධනයක් සටහන් කර තිබේ. එසේ වුවද 2020 දෙවැනි කාර්තුවේ රටේ සංස්ථා සේවා අංශය 12.9%කින් පමණ බිඳවැටී ඇතැයි වාර්තා වෙයි.

මෙම තොරතුරු හෙළිදරව් වන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සතියේ නිකුත් කළ නවතම දත්ත වාර්තා අනුවය. 2020 මාර්තු මාසයේ සිට මෙරටට තදින්ම බලපා තිබෙන කොරෝනා වසංගත රෝගය නිසා ජාතික ආර්ථිකයේ සියලුම ක්ෂේත්‍ර අඩපන වී හෝ අඩාල වී ඇත. එය ලෝකයටම පොදු තත්ත්වයක් වී තිබේ. ආසියාවේම පවත්නා බිඳවැටීම් තුළ සුළු ආර්ථික වර්ධනයක් පෙන්වා ඇත්තේ චීනය හා වියට්නාමය පමණි.