2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

කොරෝනා සහනයට කෝටි 1050ක් වැය කරලා

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

I ව්‍යාපාරික වාර්තාකරු

මේ සතිය වනවිට කොරෝනා දෙවැනි රැල්ල සඳහා සහන සැලසීමට රුපියල් කෝටි එක්දහස් පනහක් (රුපියල් මිලියන 10,500ක්) වැයකර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

මෙම අරමුදල් සැපයෙන්නේ ජනතාවට සහන සැපයීමට පමණි. ඖෂධ මිලදී ගැනීම ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ වැයශීර්ෂයෙන් මුදල් වැය කෙරේ. රෝගීන් බහුල බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට මෙම සහන මුදල් වැඩිපුර වැයකර ඇත. මේ සතියේ පමණක් එම දිස්ත්‍රික්ක දෙකට රුපියල් කෝටි 50ක් නිදහස් කර තිබේ.