I හසිත් අංජන
කොරෝනා රෝගීන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට කුරුණෑගල, කෑගල්ල, කළුතර යන දිස්ත්‍රික්කවල සහ කොළඹ ජාතික රෝහලෙහි පරීක්ෂණාගාර නොමැතිවීම බරපතල ගැටලුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.
එමෙන්ම එම දිස්ත්‍රික්කවල සහ කොළඹ ජාතික රෝහලෙහි පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට රසායනාගාර හැකි ඉක්මනින් ස්ථාපිත කළයුතු බවද වෛද්‍ය අලුත්ගේ මහතා කියා සිටියේය.
කොරෝනා රෝගය හඳුනාගැනීම සඳහා රටපුරා සිදුකෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 20000 ක් දක්වා වැඩි කළයුතු බවත් රෝගීන් වැඩිපුරම වාර්තාවන කොළඹ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කීය. රටපුරා ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීම මගින් රෝගය යම්තාක් දුරකට පාලනය කළ හැකි බවත් මේ තත්ත්වය යටතේ රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය නොමැති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.