I ව්‍යාපාරික වාර්තාකරු
මෙරට මාසික අපනයන ආදායම පසුගිය නොවැම්බරයේදී ඊට පෙර මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 සිට 762 දක්වා ඩොලර් මිලියන 238කින් අඩුවී තිබේ.
මේ ගැන මුදල් අමාත්‍යංශය කරන ලද සමාලෝචනයකදී හෙළිදරව් වී ඇත්තේ විශේෂයෙන් නිදහස් වෙළෙඳ කලාප ගණනාවක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ කම්හල්වල සේවකයන්ගේ වැඩට පැමිණීම අඩාල වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවය. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සමස්ත සේවක සංඛ්‍යාව 32,000ක් වන නමුත් මේ වනවිට සේවයට වාර්තාකර ඇත්තේ සේවක සේවිකාවන් 20,000ක් පමණක් බව රජයට වාර්තාකර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.