2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

ධම්මික පැණිය කැමැති සිරකරුවන්ට

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 293

I දේශපාලන වාර්තාකරු

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා පැණිය බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කළ යුතු යැයි රජයේ කොවිඩ් කාර්ය සාධන බළකාය තීන්දු කර තිබේ.

මෙම ඖෂධය ගැන මූලික පරීක්ෂාවක් වශයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කොරෝනා රෝගය ආසාදනය වූ නිලධාරීන් 21 දෙනෙකුට එම පැණිය ලබා දුන්නේය. දින කිහිපයකට පසු ඒ ගැන කරන ලද පරීක්ෂාවකදී පැණිය භාවිතා කළ 21 දෙනාගෙන් 14 දෙනෙක් පූර්ණ සුවය ලබා සිටි බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. එම නිසා අද හෙටම තවත් රෝගීන් පිරිසකට ධම්මික පැණිය ලබාදී පරීක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.