2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

කොරෝනා ලෙඩ්ඩු භාරගන්න පෞද්ගලික රෝහල්වලට අවසර

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

දේශපාලන වාර්තාකරු  l

කොරෝනා රෝගය වැළඳුන තැනැත්තන්ගේ අවශ්‍යතාව පරිදි පෞද්ගලික රෝහල්වලටද ඔවුන්ට නේවාසිකව ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අවසරය ලබාදීමට රජය තීන්දුකර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. එහෙත් එබඳු නේවාසික ප්‍රතිකාර සැපයීමේදී අදාළ රෝහලේ සාමාන්‍ය වාට්ටු ඒ සඳහා භාවිතයට අවසර නොලැබේ. 

එම රෝහල විසින් පවත්වාගෙන යනු ලබන රෝහලෙන් බැහැර වෙනත් නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානයක කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පෞද්ගලික රෝහල්වලට උපදෙස් දීමට රජය තීන්දු කර ඇත.