2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

මුස්ලිම් මෘතදේහ භූමදානය මාලදිවයිනේ?

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 358

දේශපාලන වාර්තාකරු l

කොරෝනා රෝගය නිසා මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මෙරට කොරෝනා  ‍රෝගයෙන් මියයන තැනැත්තන්ගේ දේහයන් භූමදාන කිරීමට තම රජය සූදානම් බව මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම්දීමත් සමඟ ප්‍රශ්නය නිරාකරණය වෙමින් ඇතැයි මේ ගැන දේශයට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානයට රජය මේ දක්වා අවසර ලබාදී නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය බරපතල විරෝධයක් ප්‍රකාශ කළේය. මේ ගැන අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාට එල්ල වූ බලපෑම් නිසා වරෙක ඔහු තනතුරින් ඉල්ලා අස්වීමට පවා උත්සාහ දරා තිබිණි.

පසුව මුස්ලිම් ජනතාව බහුලව වසන ප්‍රදේශවල තැනැත්තන් පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලුව තවත් ව්‍යාකූල විය. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවූ අදහස් හුවමාරුවකින් පසුව මුස්ලිම්වරුනගේ දේහයන් භූමදානයට මාලදිවයින කැමැත්ත පලකළේය. යුරෝපා සංගමය හා ජගත් මානව හිමිකම් කොමිසමද මුස්ලිම් ජනයාගේ මරණ භූමදාන ගැටලුව ගැන රජයෙන් ප්‍රශ්න කර තිබිණි.