2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කොවිඩ් වසංගතයට අයවැය ගොළුයි - තිස්සගෙන් චෝදනා

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

I හසිත් අංජන

වත්මන් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය මගින් දැනට රටේ තිබෙන ප්‍රධාන අර්බුදය වන කොවිඩ් වසංගතයෙන් රට ගොඩගැනීම සම්බන්ධව කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නැතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට කීය.

පවතින තත්ත්වය තුළ රටෙහි ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවද හෙතෙම පැවසීය. ජනතාවගේ ජීවන බර පිළිබඳවද වත්මන් රජයට වගකීමක් නොමැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තුව තුළ ඇමැති ඔළු ගෙඩි මාරු කරමින් ආණ්ඩුවට දේශපාලන වාසි ලබාගැනීමට රජය කටයුතු කළද කොරෝනා මර්දන කටයුතුවලදී රජය ක්‍රියා කරන්නේ මන්දගාමී ස්වභාවයකින් බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.