I දේශපාලන වාර්තාකරු
කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා ලබාදෙන සහනාධාර ඉල්ලා නැත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය පමණක් බව මුදල් අමාත්‍යංශය පවසයි.
දිවයිනේ අනෙක් පරිපාලන දිස්ත්‍රික්ක 24ට පවත්නා තත්ත්වයන් යටතේ කොරෝනාවෙන් පීඩාවට පත්වූ ජනතාවට ලබාදෙන සහනාධාර ලබා දී තිබේ.
මේ සතිය වනවිට රුපියල් කෝටි 800ක් පමණ ඊට වැය කර ඇත. රුපියල් 5000 සහනාධාරය ඇගුළු දමන ලද ප්‍රදේශවල ජනතාවටත් රුපියල් 10,000 ආධාරය නිරෝධායනය වන පවුල් සඳහාත් රජයෙන් ලබාදෙයි.