2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

ලියුම් ලක්ෂ 5ක් ගොඩගැහිලා

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

I හසිත් අංජන 

කොවිඩ් පැතිරීම හේතුවෙන් වසා දමා ඇති ප්‍රදේශවල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල ලියුම් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

ගොඩගැසී ඇති ලියුම්වලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රදේශ වසා දැමිමට පෙර තැපැල් කාර්යාලවලට බාරදුන් හා ලියුම් කණුවල දැමූ ඒවා බවත් මෙම සියලුම ලියුම් සෞඛ්‍ය ආරක්ෂක නීතිවලට අනුකූලව වෙන්කර බෙදාහැරීමට සියලු කටයුතු යොදා ඇති බවත් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.